LibreOffice 7.2 Help
සරල සහ සංකීර්ණ ඇඳීම් නිර්මාණයට සහ ඒවා බොහොමයක් වූ පොදු පින්තූර ආකෘති වලට අපනයනය කිරීමට LibreOffice Draw ඔබට ඉඩදෙනවා. එසේම ඔබට ඔබගේ ඇඳීම තුළට වගු, ප්‍රස්ථාර, සූත්‍ර සහ LibreOffice වැඩසටහන් වලින් කළ වෙනත් අයිතම ද ඇතුළත් කළ හැකියි.
ගණිතමය දෛශික මගින් නිර්වචනය කළ රේඛා සහ වක්‍ර භාවිතා කරමින්, දෛශික චිත්‍රක LibreOffice Draw මගින් සකස් කළ හැකියි. දෛශික මගින්, රේඛා, ඉලිප්ස සහ බහු අස්‍ර, ඒවායේ ජ්‍යාමිතියට අනුරූප වන පරිදි විස්තර කරනු ලැබේ.
ඔබට LibreOffice Draw මගින් ඝණක, ගෝල සහ සිලින්ඩර ආදී සරල ත්‍රිමාන වස්තු නිර්මාණය කළ හැකියි. එපමණක් නොව එම වස්තු වල ආලෝක ප්‍රභව පවා වෙනස් කළ හැකියි.
ඔබට, ඔබගේ ඇඳීමෙහි ඇති වස්තූ එක එල්ලයට පෙළ ගැස්සීමට ජාලක සහ නියමු මගින් දෘෂ්‍යමය ඉඟියක් සපයා දෙයි. එසේම ජාල රේඛාවක්, නියමුවක් හෝ වෙනත් වස්තුවක මායිමක් වෙත ඔබේ වස්තුව පනින ලෙස සකස් කිරීමට ඔබට තෝරා ගත හැකියි .
LibreOffice Draw වල "සම්බන්ධක" නමින් හඳුන්වන විශේෂ රේඛා මගින් වස්තු අතර පවතින්නා වූ සම්බන්ධතාවය පෙන්වීම සඳහා වස්තු සම්බන්ධ කිරීමට ඔබට පුළුවන. මේ සඳහා ඔබේ ඇඳීම තුළ පවතින වස්තු වල සම්බන්ධක ඇලුම් ලක්ෂ මගින් අමුණන්න. මෙසේ සම්බන්ධ කළ වස්තූන් චලනය කරන විට සම්බන්ධිත වස්තු වල ඇමුණුම එසේම පවතියි. සම්බන්ධක සංවිධාන සටහන් සහ තාක්ෂණික රූප නිර්මාණයයේ දී ප්රයෝජනවත්ය.
ඇඳීම් තුළ පවතින වස්තූන්හි දිග, පළල ආදී මාන තාක්ෂණික රූප සටහන් වල බොහෝ අවස්ථාවන් හි දී පෙන්නුම් කරනවා. LibreOffice Draw වල දී ඔබට, රේඛීය මාන ගණනය කර සංදර්ශනය කිරීම සඳහා මාන රේඛා භාවිතා කළ හැකියි.
ඔබේ ඇඳීම් තුළ දී මෙන්ම වෙනත් LibreOffice යෙදුම් වල දී ත් ඇතුළත් කර භාවිතා කිරීමට අවශ්‍ය පිංතූර, සජීවන, ශබ්ද සහ වෙනත් අයිතම කලාගාරය තුළ අඩංගු වේ.
BMP, GIF, JPG, සහ PNG ආදී බොහෝ පොදු චිත්‍රක ගොනු ආකෘති වලට අපනයනය කිරීමට LibreOffice Draw වලට හැකියි.